රහස්‍යභාවය

අවසන් අළුත්කිරීම: 2015 මාර්තු 17
Thirukkural.net ("us", "we", or "our"), http://www.thirukkural.net (the "Site") මගින් කෙරේ. මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ගෙන් අප හට ලැබෙන පෞද්ගලික තොරතුරු එකතු කිරීම, භාවිතා කිරීම සහ හෙළි කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්ති මොනවාද යන්න මෙම පිටුවෙන් ඔබ හට දැනුම් දෙනු ලැබේ.

ඔබගේ පෞද්ගලික තොරතුරු, මෙම වෙබ් අඩවියට සැපයීම සහ එය වැඩි දියුණු කිරීම සඳහා පමණක් අප විසින් භාවිතා කරනු ලැබේ. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම මගින්, අපගේ ප්‍රතිපත්ති වලට අනුකූලව තොරතුරු එක් රැස් කිරීම සහ භාවිතා කිරීම සඳහා ඔබ විසින් එකඟත්වය පළ කෙරේ.

තොරතුරු එක් රැස් කිරීම සහ භාවිතය.
මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමේදී, අප විසින් ඔබව හදුනාගැනීම හෝ සම්බන්ධ කරගැනීම සඳහා භාවිතා කල හැකි, ඔබව පෞද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු අපට ලබා දෙන ලෙස ඔබගෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබේ. මීට ඔබගේ නම සහ වෙනත් විස්තර ඇතුලත් විය හැක. ("Personal Information").

ලඝු දත්ත
බොහෝ වෙබ් අඩවි මෙහෙයවන්නන් කරන ආකාරයට, ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසෙන සෑම විටකම ඔබගේ වෙබ් බ්‍රවුසරයෙන් එවන තොරතුරු ("Log Data") අප විසින් එකතු කරන්නෙමු. මෙම ලඝු දත්ත වලට ඔබගේ පරිඝනකයේ අන්තර්ජාල මූලලේඛ ලිපිනය හෙවත් Internet Protocol ("IP") address, බ්‍රවුසර් මාදිලිය, බ්‍රවුසර් සංස්කරණය, ඔබ අපගේ වෙබ් අඩවිය තුල පිවිසෙන පිටු, ඔබගේ පිවිසුම් දිනය සහ වේලාව, ඔබ වෙබ් පිටුවල ගත කරන කාලය සහ වෙනත් සංක්‍යා විස්තර මෙම ලඝු දත්ත වලට ඇතුලත් විය හැක.

කුකීස්
කුකීස් යනු දත්ත කුඩා ප්‍රමාණයක් අඩංගු වූ ගොනු වේ. ඊට නිර්නාමික අනන්‍ය වූ හඳුන්වනයක් ද අයත් විය හැක. කුකීස් වෙබ් අඩවිය මගින් ඔබගේ බ්‍රවුසරයට එවනු ලබන අතර ඔබගේ පරිඝනකයේ දෘඩ තැටියෙහි ගබඩා කරගනු ලැබේ. බොහෝ වෙබ් අඩවි සේම අපද තොරතුරු එක් රැස් කිරීම සඳහා කුකීස් "cookies" භාවිතා කරන්නෙමු. සියළු කුකීස් ප්‍රතික්ෂේප කරන ලෙස හෝ කුකීස් නිකුත් කෙරෙන විට දැනුම් දෙන ලෙස හෝ ඔබගේ බ්‍රවුසරයට උපදෙස් දීමට ඔබට හැකියාව ඇත. කෙසේවුවත්, ඔබ කුකීස් ප්‍රතික්ෂේප කළහොත් අපගේ වෙබ් අඩවියේ ඇතැම් කොටස් භාවිතා කිරීමට ඔබට නොහැකි වනු ඇත.

ආරක්ෂාව
ඔබගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව අප හට වැදගත් වේ. නමුත් අන්තර්ජාලය හරහා හෝ, ඉලෙක්ට්‍රොනික ගබඩා කිරීමේ ක්‍රම හෝ ආදී කිසිම දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් 100% ක් ආරක්‍ෂිත නොවන බව මතකයේ තබා ගත යුතු වේ. ව්‍යාපාරික වශයෙන් පිළිගන්නා ක්‍රමවේදයන් ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා යොදා ගැනීමට අප සෑම විටම පරිශ්‍රමයක් දැරුවද, එහි පූර්ණ ආරක්‍ෂිත භාවය පිලිබඳ අපහට සහතික විය නොහැක.

රහස්‍යතා ප්‍රතිපත්තියට සිදු කර ඇති වෙනස්කම්
මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය thirukkural.net විසින් කලින් කලට යාවත්කාලීන කිරීමට ඉඩ ඇත. අලුත් රහස්‍යතා ප්‍රතිපත්තිය වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම මගින් කිසියම් වෙනස්කමක් සිදු වී ඇත්නම් ඔබට අප දැනුම් දෙනු ලැබේ. එවන් වෙනස්කම් සඳහා ඔබ විසින් වරින් වර මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය විමර්ශනය කිරීම වඩා සුදුසු වේ.

අප හා සම්බන්ධ වන්න
මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව ඔබට යම් ගැටළු ඇත්නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.