ඉතිහාසය

දමිළ (தமிழ்) බසින් ලියැවී ඇති තිරුක්කුරල් සාහිත්‍යය සංග දමිළ කාලයට (சங்க காலம்) අයත් වේ. මෙය පතිනෙන් කීල්කනක්කු (பதினென்கீழ்க்கனக்கு) ග්‍රන්ථ සමුහයෙන් කොටසක් වේ. තිරුක්කුරල් යනු මෙහි මුල්/සත්‍ය නම නොවන අතර මෙම සාහිත්‍යය දෙපද ආකාරයේ කවි (குறள் வெண்பா) වලින් සමන්විත වේ. මේ හේතු කොටගෙන සහ ගෞරවාන්විත උපසර්ගයක් ලබාදීම නිසා තිරුක්කුරල් යන නම සෑදුනි. [තිරු (திரு - දෙමළ භාෂාවේ ගෞරවාන්විත උපසර්ගයකි ) + කුරල් (குறள் - දෙපද කවිය)] පර්යේෂකයින් පවසන ආකාරයට මේ වනතුරු සොයාගෙන ඇති දෙපද කවි සාහිත්‍යය ඊට වඩා විශාල සාහිත්‍ය එකතුවකින් කොටසක් පමණක් බවයි. දැනට සොයාගෙන ඇති/ ප්‍රකෘතිමත් කර ඇති ප්‍රමාණය දෙපද කවි 1330 කින් සමන්විත වේ. මේවායෙහි නිර්මාපකයාගේ නම සොයාගෙන නොමැත. දැනට සොයාගෙන ඇති තොරතුරු වලට අනුව වල්ලුව ප්‍රවේණියට (வள்ளுவ மரபு) අයත් පුද්ගලයෙකු මෙහි නිර්මාපකයා විය හැකි බවයි. එම නිසා ඔහු තිරුවල්ලුවර් [තීරු (திரு) + වල්ලුවර් (வள்ளுவர்)] යයි හඳුන්වනු ලැබේ.

විස්තරයසංක්‍යාව
පාල්3
ල්‍යාල්13
අධිගාරම්133
කුරල්1330

තිරුක්කුරල් සාහිත්‍යය කාණ්ඩ තුනකට වෙන් කල හැක; ආචාර ධර්ම ((அறம்-අරම්), සමෘධිය (பொருள்-පොරුල්), සහ ආදරය (காமம்-කාමම්). එම සෑම කාණ්ඩයකම තවත් අනුකාණ්ඩ (இயல்), සෑම අනුකාණ්ඩයකම පරිච්ඡේද (அதிகாரம்) කිහිපයක් යනාදී වශයෙන් පවතී. සෑම පරිච්ඡේදයකම දෙපද කවි (குறள்) 10ක් අඩංගු වන අතර සෑම දෙපද කවියකම පේලි දෙකක් තිබේ. දෙපද කවියේ පළමු පෙළෙහි වචන 4ක් සහ දෙවෙනි පෙළෙහි වචන 3ක් තිබේ.

නිවැරදි ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න තිරුක්කුරල් වලින් පැවසෙන අතර ජීවිතයේ සියලුම අවස්තාවන් මෙමගින් ආවරණය කෙරේ. මෙම උපදෙස් ඉතා සංක්‍ෂිප්ත ලෙස දැක්වෙන අතර ඕනෑම කාල වකවානුවකට (අතීතය, වර්තමානය සහ අනාගතය) ගැලපෙන ආකාරයට ඉදිරිපත් කර ඇත. තිරුක්කුරල් වලින් කලයුතු දෑ සහ නොකළ යුතු දෑ සම්බන්ධයෙන් ඇතැම් විට පරස්පර විරෝධී වීම පිළිබඳව විශාල ලෙස වාද විවාද සිදු වී ඇත. ඉන් එක් තර්කයක් මනා සේ සත්‍යය පැහැදිලි කළේය. 'තිරුක්කුරල් යනු ඔසුසැලක් වැනි වේ, රෝග නිආරණය සඳහා අවශ්‍ය බෙහෙත් එහි තිබේ. නමුත් උපදෙස් දී ඇති ආකාරයට අවශ්‍ය ආකාරයට ලබා නොගතහොත් භයානක විය හැක. ඔබගේ තත්වයට/ අවස්යතාවයට අනුව ඔබ විසින් බෙහෙත් ගත යුතු වේ.'

තිරුක්කුරල් වෙනත් විරුද නාම රාශියකින්ද හැඳින්වේ, ලෝකයෙහි වේද , දෙවියන්ගේ පොත, දමිළ වේද, කිසි දා නොපරදින වචන යනු ඉන් කිහිපයකි. මෙය වැඩි වශයෙන්ම බොහෝ භාෂාවන්ට පරිවර්තනය වී ඇති ග්‍රන්ථයද වේ. බොහෝ විද්වතුන්ද මේ සඳහා ලිවීමෙන් දායකත්වය සපයා ඇති අතර, ඒ අතුරින් දමිළ භාෂාවෙන් ඇති වඩාත්ම ප්‍රසිද්ධ නිර්මාණ පරිමේලලකර් (பரிமேலழகர்) සහ M.වරදදාසනර් (மு.வரததாசனார்) විසින් කරන ලද ඒවා වේ.